ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මැයි දින රැලිය වාර්තා කිරීම මගහැරීමට සමහර මාධ්‍ය කටයුතු කර තිබූ බවත්, ආණ්ඩුවේ තර්ජන ගර්ජනවලට බිය නොවී මාධ්‍යකරණයේ යෙදෙමින් එය වාර්තා කළ මාධ්‍ය ආයතනවලට තමාගේ ස්තූතිය හිමිවන බවත්, ඒ මහතා ප‍්‍රකාශ කළේය.
කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ රජයේ හා විරුද්ධ පක්ෂවල විරෝධතා මධ්‍යයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මැයි රැලියට බලාපොරොත්තු නොවූ ඉහළ ජනතාවක් පැමිණ තිබූ බවයි.
‘කිසිම මුදලක් වියදම් කරලා නොවේ මේ ජනතාව පැමිණියේ. අරක්කු බෝතලයට, බත් පැකට් එකට නොවෙයි. මේ අය ආවේ. එහි සාර්ථකත්වය හින්දාම සමහර මාධ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මැයි රැලිය වර්ජනය කර තිබුණා’ යැයිද ඒ මහතා කීය.